නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද ඉලෙක්ට්රොනික උපකරණ රේගු භාරයට…

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රූපවාහිනී සහ වායුසමීකරණ යන්ත්ර ඇතුළු ඉලෙක්ට්රොනික උපකරණ තොගයක් ශ්රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.
මෙම ඉලෙක්ට්රොනික උපකරණ එක්සත් අරාබි එමීර් රාජ්යයෙන් (UAE) භාවිත කරන ලද යන්ත්ර සූත්ර ලෙස ආනයනය කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් ඉලෙක්ට්රොනික උපකරණ අතර රූපවාහිනී යන්ත්ර 68ක්, වායු සමීකරණ යන්ත්ර 77ක් සහ භාවිත කළ ටයර් ද වන බවයි ශ්රී ලංකා රේගුව ප්රකාශ කළේ.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විද්යුත් භාණ්ඩ තොගය ශ්රී ලංකා රේගු මධ්යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
