නිසි ආකාරයෙන් පරීක්ෂණ කලොත් සමස්ථ ආසාධිතයින් ප්‍රමාණය තවදුරටත් වැඩිවෙයි

මේ වනවිට රට තුළ සිටින සමස්ථ කොවිඩ් ආසාදිතයින් 15,000 වාර්තා වුවත්, පුළුල් ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණ සිදුකිරිමට කටයුතු කළහොත් සමස්ථ ආසාධිතයින් ප්‍රමාණය එම සංඛ්‍යාව ඉක්මවිය හැකි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පාලනයකින් තොරව කොවිඩ් පොකුරු මතුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

එමෙන්ම ලොව මෙතෙක් කල් කිසිදු ව්‍යසනයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මේ තරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වී නොමැති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *