ඇදිරි

නිරෝධායන මධ්‍යස්ථානවල මුදල් අයකිරීමක් නෑ-හමුදාපති

නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි. නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ට බෙදා හරින ලදැයි පැවසෙන විස්තර පත්‍රිකාව සඳහන් වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක ආහාර වේල් 3 සඳහා රුපියල් 7500 මුදලක් ගෙවිය යුතු බවයි. එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද වාර්ථාවේ.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *