නිරෝධායනය සදහා මුලතිව් ගිය දෙදෙනෙකු මියයයි

මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වලට ලක්වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිකත්ෂයට පත්ව තිබේ.

කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධානයට යොමු කළ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන් දෙදෙනාගේ මෘත ශරිර මුල්ලයාවේලි රෝහලේ තැන්පත් කර තිබේ.

කෙසේවෙතත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මොවුන්ට ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැත. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙම පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 80 ඉක්මවූ අය බවත් ඔවුන් ගේ නියැදි PCR පරික්ෂණයන් සඳහා යොමු කර ඇති බවයි.

ඊට අදාල පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *