Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නිරෝධායනයට විරුද්ධව කලහකාරී ලෙස හැසිරු‌ණොත් මාස 6ක සිරදඬුවම්

නිරෝධායනයට විරුද්ධව කලහකාරී ලෙස හැසිරු‌ණොත් මාස 6ක සිරදඬුවම්

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා නොගොස් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පුද්ගලයෙකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත් එහිදී වරදකරු වුවහොත් මාස 6ක සිරදඬුවමක් විඳීමට සිදුවන බවත් රුපියල් දෙදහසේ සිට රුපියල් දසදහසක් දක්වා දඩ මුදලකට යටත් විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය.

එසේම මෙම කාල සීමාව තුළ නම් කරන ලද රටවලින් මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය. තවද 1897 අංක 3 දරන රෝග නිරෝධායනය වැළැක්වීමේ ආඥා පනතට අනුව අමාත්‍යවරයාට රෙගුලාසි පැනවීමට හැකියාවක් පවතින බවටත් දන්වා සිටී.

මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊ​යේ (11 වැනිදා) ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *