නාම යෝජනා

නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ ආරක්ෂාවක් – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ. නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට, රථ වාහන පාලනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා අද(12) සිට එළඹෙන 2020.03.19 වන දින දහවල් 12 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන පොලිස්පති වරයා විසින් කොට්ඨාස බාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *