නිරිතදිග මෝසම් වැසි ක්‍රමයෙන් ශ්‍රී ලංකාව හරහා ස්ථාපිත වෙමින් පවතින අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශ හරහා වර්ෂාපතනයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැක.
ප.ව. 1.00 න් පසු ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල මෙන්ම උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට පැයට කිලෝමීටර 30-40 ක තරමක් තද සුළං අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.


