නාගරික සංවර්ධන අධිකාරී නිළධාරීන්ගේ රාජකාරියට නවීන්ගෙන් බාධා

නුවරඑළියේ ග්‍රෙගරි වැව ආසන්නයේ ජංගම වෙළෙඳසැළක් සහ අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එහි ගිය අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සිදුවී තිබේ. එහිදී ඔවුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පවත්වාගෙන ගිය ජංගම වෙළෙඳසැලක් සහ ඊට අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ඊයේ පස්වරුවේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් මෙලෙස පැමිණ සිටි අතර එම ස්ථානයට නවීන් දිසානායක මන්ත්‍රීවරයා ද පැමිණියේය. අදාළ ඉදිකිරීම් ඉවත්කිරීමට විරෝධය පළකරමින් මන්ත්‍රීවරයා නිලධාරින්ට බාධා කළේය.

පසුව එහි පැමිණි නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මන්ත්‍රීවරයා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී තීරණය වී තිබුණේ පැය 48ක කාලයක් ඇතුළත ජංගම වෙළෙඳසැල හා අනවසර ඉදිකිරීම් ඉවත්කර ගැනීමට වෙළෙඳසැල් හිමිකරුවන්ට අවස්ථාව ලබාදීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *