LK reports news sinhala

ජිනීවා යෝජනා දෙකකින් ඉවත්වී ආණ්ඩුව කරන්නේ ජනතාව රැවැට්ටීමක් – අජිත් පී පෙරේරා

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ ජීනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් රටට කිසිඳු අගතියක් සිදුව නැතිබව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් ඔහු පවසා සිටියේ ජිනීවා යෝජනාවේ වගන්ති දෙකකින් ඉවත් නොවී සම්පූර්ණයෙන්ම ඉවත් වීමට හැකි බවත්, ආණ්ඩුව දැන් කරන්නේ ජනතාව රැවැට්ටීමක් බවත්, නමුත් එම යෝජනා වලින් රටට කිසිදු අගතියක් සිදුව නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *