සන්ධානයේ

නව සන්ධානයේ නායකත්වය මහින්දට-සභාපති මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේන අතර එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

මෙම සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කර ඇති අතර නියෝජ්‍ය සභාපති ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් පත් කර ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන් නම් කර ඇති බව පොදුජන පෙරමු‍ණේ ලේකම්වරයා කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ උප ලේකම්වරයා ලෙස උදය ගම්මන්පිල මහතා පත් කර ඇති අතර උප සභාපතිවරුන් ලෙස තිස්ත විතාරන, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ඩිවු ගුණසේකර යන මහත්වරුන් නම් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර නියෝජ්‍ය ලේකම්වරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතාද නම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ පොහොට්ටුව ලකණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අද(17) දිනයේ ලිපිලේඛන භාරදුන් බව පොදුජන පෙරමු‍ණේ ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *