උදයංග

උදයංග යළි රක්ෂිත බන්ධනාගාරයට

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මෙම මස 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔහුට අදාළ නීතී කෘත්‍ය අද (17) පස්වරු 2.30ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්තාවේදි කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

ගුවන් හමුදාවට මිග් යානා මිලඳී ගැනීමේදී සිදුවූ ආන්දොලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය සිකුරාදා අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරු අතර රෝගී තත්වයක් හේතුවෙන් සෙනසුරාදා දිනයේදී බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *