නවසීලන්තයෙත් වෙඩිතැබීමක්

නවසීලන්තයෙත් වෙඩිතැබීමක්

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔක්ලන්ඩ්හි පැවැත්වීමට නියමිත කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පැයකට පමණ පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර පොලිස් නිලධාරියෙකු ද ඒ අතර වන බව සඳහන් ය.

කෙසේවෙතත් අදාළ වෙඩිතැබීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන අතර පාපන්දු තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙනු ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *