දුරකතන හඬපට රන්ජන්ගේ හඬ හා සැසඳෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

දුරකතන හඬපට වල ඇති කටහඩ සමඟ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ හඬ සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දී තිබේ. අධිකරණයට කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රස පරීක්ෂකවරයාගේ නිගමනය අධිකරණයට දැනුම් දී තිබේ.
