දුම්රිය සේවයෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් වෙත ඉල්ලීමක්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල කාර්යාල සේවකයින් රැගෙන ඒම සඳහා සඳහා අද දිනයේ දුම්රිය ගමන්වාර 10 ක් යෙද වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් පවසයි.

එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ වල වාර ප්‍රවේශපත්‍ර භාවිතා කර ගමන් පහසුකම් ලබාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් පමණක් දුම්රිය මගින් කොළඹ නගරයට ප්‍රවාහනය කිරිමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අදාල ආයතන වල අදාල දිනයන්හි දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කළ යුතු පුද්ගලයින් නිශ්චිතව හදුනාගෙන ඒ පිළිබඳ තොරතුරු පහත සඳහන් දුරකතන අංකයට හෝ ෆැක්ස් අංකයට යොමුකරන ලෙසයි.

ඒ අනුව, 0112432128 හෝ 0112431909 දුරකතන අංකයන්ටද 0112446490 යන ෆැක්ස් අංකය වෙත ද තොරතුරු ලබාදිය හැකි වේ.

එසේත් නැතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙසටයි ශ්‍රී ලංකා දුම්රිය සේවය රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *