Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

දිස්ත්‍රික්ක 07ක ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහලට

දිස්ත්‍රික්ක 07ක ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහලට
ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් 2,672 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 755 දෙනෙකු හඳුනා ගෙන ඇත. කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශවලින් 180ක්, පාදුක්ක 38ක්, හෝමාගම 57ක්, කොළඹ නගර සභා සිමාවෙන් 79ක්, අවිස්සාවේල්ල 28ක් සහ බොරලැස්ගමුව 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 323ක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ 51ක්, ගම්පහ 36ක්, මීගමුව 20ක්, නිට්ටඹුව 22ක්, සීදුව 27ක්, වත්තල 18ක් සහ යක්කල ප්‍රදේශයෙන් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 234 දෙනෙකු හඳුනා ගෙන ඇත. පයාගල 50, කළුතර – දකුණ 48ක්, කළුතර 30, කළුතර – උතුර 26, දොඩංගොඩ සහ බේරුවල ප්‍රදේශවලින් ආසාදිතයින් 20 දෙනා බැගින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 228 දෙනෙක් හඳුනාගෙන ඇත. ඉන් 53 දෙනෙකු කරාපිටිය ප්‍රදේශයෙන්, හබරාදුව 40ක්, ගාල්ල 26ක්, අහංගම 20ක් සහ බද්දේගම 16ක් ලෙස ආසාදිතයින් හමුවී ඇත.

මිට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 77 දෙනෙකු මහනුවර නගර සීමාවෙන් වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 192ක් වාර්තා වී ඇත. කලවාන 60ක්, ඇහැළියගොඩ 55ක්, රත්නපුර 26ක්, කුරුවිට 15ක් ලෙස ආසාදිතයින් හමුවී ඇත.

මීට අමතරව කුරුණෑගල 59ක්, යාපනය 52ක්, කෑගල්ල 26ක්, පුත්තලම 23ක්, අනුරාධපුර 94ක්, මාතර 87ක්, පොළොන්නරුව 118ක්, මාතලේ 75ක්, අම්පාර 42ක්, නුවරඑළිය 55ක්, වව්නියාව 04, හම්බන්තොට 49, බදුල්ල 32ක්, ත්‍රිකුණාමලය 14ක්, මඩකලපුව 25ක්, මොණරාගල 36ක්, කිලිනොච්චි 05, මන්නාරම සහ මුලතිව් ආසාදිතයින් 02 බැගින්ද හා විදේශගතව සිට මෙරටට පැමිණි 13 දෙනෙකු ආසාදිතයින් වාර්තාවී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *