දිස්ත්‍රික්ක 08කට නාය යෑමේ අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

NBRO විසින් නිකුත් කරන ලද කහ සහ ඇම්බර් අනතුරු ඇඟවීම් අද (03) පස්වරු 2.30 න් අවසන් වන ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වේ.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවලට කහ නිවේදන නිකුත් කර ඇත.

බදුල්ල:

බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

මහනුවර:

ගංගා ඉහල කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

කෑගල්ල:

යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල, සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

කුරුණෑගල:

රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

මාතර:

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

මොනරාගල:

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

නුවරඑළිය:

අඹගමුව සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

රත්නපුර:

ඇලපාත, කුරුවිට, නිවිතිගල, කලවාන, සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

පහත සඳහන් ප්‍රදේශවලට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත:

බදුල්ල:

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

මොනරාගල:

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *