කොටුව දුම්රිය ස්ථානයේ පැවැත්වූ ජනතා විරෝධතාවය පොලිසිය අවහිර කරයි.

ඊයේ (02) කොළඹදී මහා පරිමාණ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන්ට කොටුව දුම්රියපොළ දෙසට පා ගමනින් යාම ශ්‍රී ලංකා පොලිසිය විසින් වළක්වා තිබේ.

මෙම විරෝධතාව මරදානෙන් ආරම්භ වූ අතර ඊට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්ව සිටියා.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), ලංකා ගුරු සංගමය (CTU), අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJASL) පසුගිය සතියේ ඔවුන්ගේ සහභාගීත්වය නිවේදනය කළේය.

2022 ඔක්තෝම්බර් 25 වැනි දින කොළඹදී රජය විසින් කරන ලදැයි කියන මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයකට කණ්ඩායම්වල නියෝජිතයින් අත්සන් කිරීමෙන් පසුව මෙම මහජන විරෝධතාව ආරම්භ විය.

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, සමගි වනිතා බලවේගය (SVB) ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ, පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පෙසප දුමින්ද නාගමුව, CTU ප්‍රධාන ලේකම් ස්ටාලින්, අවිශිබම වැඩබලන කැඳවුම්කරු ඒ ජෝසප් රොහන්ද්‍රිගෝ, සිවිල් සංවිධාන ක්‍රියාකාරික ටෙරන්ස් රොහන්ද්‍රිගෝ , සහ YJASL ලේකම් එම්.එෆ්.එම්. ෆසීර් ද ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ අය අතර වෙති.

නියෝජිතයන් පවසන පරිදි, “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය එළවා දැමීමේ පළමු පියවර” ලෙස මෙම මහජන විරෝධතාව ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *