LK reports news colombo

දිල්ලි වායු ගෝලයේ දූෂණය ලංකාවටත් එයි : කොළඹ වායු දූෂණය දෙගුණයක් වෙයි

ඉන්දියාවේ නව දිල්ලි නුවරට බලපා තිබෙන වායු දුෂණය හේතුවෙන් කොළඹ නගරයේ වායු දූෂණයද සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවටද වායු දූෂණය බලපා ඇති බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මේ වන විට මෙරට වායු දුෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. එසේම කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය අද (06) දහවල් කාලය වන විට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබු බවද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සුළං හමා ඒමේ දිශාව වෙනස් වීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙම ධුලි වළාව ශ්‍රී ලංකාව දෙසට පැමිණීමයි.

දැනට පවතින වායු දුෂණය හේතුවෙන් ස්වශන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවද සරත් ප්‍රේමසිරි අවධාරණය කර සිටී.

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දුෂණය මේ වන විට සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද එම නගරය ආශ්‍රිතව ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *