අගමැති කාර්යාලයේ කැබ් රථයෙන් සජිත්ගේ පෝස්ටර් තොගයක් ගෙනයද්දී කොටුවෙයි

නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය පවසයි. මාතර, ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදි මෙම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබු අතර දෙණියාය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරිම සදහා සුදානම් කර තිබු පෝස්ටර් මෙහි තිබූ බව මැතිවරණ නිරික්ෂණ නිලධාරින් සහ මාතර පොලීසිය කළ විමර්ශනවලදි අනාවරණය වි තිබේ.

මෙම කැබ් රථයේ තිබී සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් අතිවිශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබු අතර එම කැබ්රථය මුදාගැනිමට දෙණියාය ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ ලේකම්වරුන් පිරිසක් උත්සාහ ගෙන තිබුණද  මැතිවරණ නිරික්ෂකයන් සහ පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම නිසා එය නොහැකිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *