දින 328ක් දිගු වාර්තාගත අභ්‍යවකාශ ගමනකින් පසු ක්‍රිස්ටිනා කෝච් පෘථිවියට

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකළ ඇමෙරිකානු ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් ඊයේ (6) නැවතත් පෘථිවියට ළඟාවී තිබේ. ඇය රැගත් යානය කසකස්ථානයේ ප්‍රදේශයකට ආරක්ෂිතව ගොඩබස්වන ලදී. කාන්තා ගගනගාමීන් සම්බන්ධයෙන් මින් පෙර තබා තිබූ අභ්‍යවකාශ ගමන් වාර්තාව බිඳ හෙළමින් ඇය දින 328ක් කක්ෂගත විද්‍යාගාරයේ සේවය කළ අතර විද්‍යා අත්හදා බැලීම් රාශියක වැඩ කටයුතු සිදු කරන ලදී. ඇය විසින් බිඳ හෙලනු ලැබූයේ 2019 වසරේදී ඇමරිකානු ජාතික පෙගී විට්සන් විසින් දින 289ක් අභ්‍යවකාශයේ ගතකරමින් තැබූ වාර්තාවයි. ඇමරිකාවේ මිචිගන්හි උපන් ඇය 41හැවිරිදි ඉංජිනේරුවරියකි.

ඇය සමග යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ලුකා පර්මිටානෝ සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ඇලෙක්සැන්ඩර් ස්ක්වොට්සොව් ද පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *