අගමැති අද ඉන්දියාව බලා පිටත්වේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා අද දින ඉන්දීයාව බලා පිටත්ව යාමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු සිදු කෙරෙන පළමු විදෙස් සංචාරය මෙයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කරන බවට වාර්තා පළ වේ.

ඉන්දියාවේ රැඳී සිටින කාළය තුළදී අග්‍රමාත්‍ය වරයා ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවන අතර, වරණාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති යන ආගමික ස්ථාන කිහිපයක්ද වැදපුදා ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *