තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී ඇති බවත් මේ වන විට ගැටලුව විසඳා ඇති බවය.

එම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බව කී විභාග කොමසාරිස්වරයා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටියේ යැයි විභාගයෙන් පසුව කිසිවිටෙකත් සලකුණු නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසරට අදාල අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනිදා ආරම්භවීමට නියමිතය.

ඊට අයැඳුම් කරුවන් 452979ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් 65,331ක් පෞද්ගලික අයැඳුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *