Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ සාකච්ඡාවකට එක්වෙමිණි.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේදි වැඩිදුරටත් අදහස් දැක් වු බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියේ අවාරයේ ශ්‍රි පාදයේ සංචාරය සදහා පැමිණෙන දේශිය සංචාරකයන් ශ්‍රි පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවසර ලබා නොදිමට තිරණය කළ බවයි.

අවාරයේ ශ්‍රි පාදය සංචාරය සදහා සියළුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශිය සංචාරකයන්ට අවසර ලබා නොදෙන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලිමක්ද සිදු කලහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *