තවත් රෝගියෙකු IDH රෝහලෙන් පැනයාමට උත්සාහ දරයි.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මෙම රෝගියා රෝහලේ වහලයෙන් පැනයාමට උත්සාහ දැරීමේදී රෝහල් ආරක්ෂක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු ආරක්ෂත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත මාරු කර යැවීමට කටයුතු සූදානම් කර ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කලේය.

මෙලෙස මත්දුවයන්ට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිත පුද්ගලයන් රෝහල් වලින් පැනයාම විශාල ගැටලුවක්ව ඇති බැවින් ඉදිරියේදී  විශේෂිත ක්‍රම උපායමාර්ග සහිත මධ්‍යස්ථානයකට ඔවුන් යොමු කරවන බවට මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කලේය.

එසේම එවැනි පුද්ගලයන් රෝහල් ගතකිරීමට පෙර ඔහුගේ පවුලේ ඥාතීන් විසින් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *