Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’

‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

” ජන පීඩන පාලනයට එරෙහිව ” යන්න තේමා කරගනිමින් යක්කල නගරයේ දී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වමින් ෆොන්සේකා මහතා එලෙස සදහන් කළේය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.

” මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි පිරිසක් ඉදිරිපත් වෙනවා.ඒ වගේම රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. අපේක්ෂකයින් කිසිවෙකුටත් සියයට පනස් එකක් ලබාගැනීමට නොහැකි වේවි. මම හිතනවා ලක්ෂ තිස් පහක් පමණ ගන්නා කෙනෙක් ඉදිරියෙන් ඉදීවි. මේ රටේ පාවෙන ඡන්ද ලක්ෂ හැත්තෑවක් විතර තියෙනවා.

මැති ඇමතිවරුන් රටේ පවතින තත්ත්වය තේරුම් ගත යුතුයි. කාගෙන්වත් ආරාධනා ලැබෙන තෙක් නොසිට රටේ තත්ත්වය සහ පක්ෂ දේශපාලනයෙන් සිදුවූ හානිය සහ පක්ෂ මෙහෙයවන අයගේ වැඩපිළිවෙල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. රටේ ජනතාව පසුගිය කාලයේ වෙනසක් ඉල්ලුවා. තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළා. ජනාධිපති මන්දිර කුඩු කළා. ඒ වෙනස දෙන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නෙ.රටේ වැඩිහිටියො තේරුම්ගන්න ඕනෙ , මෙතෙක් කල් කරපු වැරදි නොකර සියලු දෙනාට පෙළ ගැසීමට හැකි තැනක් අපි හදනවා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *