තද වැසි පිළිඹද අවවාදාත්මක විශේෂ නිවේදනය

දිවයිනේ නිරිත දිග කොටසේ (විශේෂයෙන් දකුණ, බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත් වල) දැනට පවතින වැසි තත්වය තවදුරටත් පැවතිය හැකි බවත්, ඒ අනුව ඇතැම් ස්ථාන වල මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනෙකුත් ප්‍රදේශ වලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර විශේෂයෙන්ම නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත් වල ඇතැම් ස්ථාන වල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවටද එම දෙපාර්තමේනතුව අනතුරු අගවයි.

මේ අතර ඊයේ පෙරවරු 8:30 සිට අද අළුයම 3 දක්වා අතර කාළය තුළ කෑගල්ල හා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ලැබී ඇති බව එම නිවේදනයෙන් පෙන්වා දේ. ඊට අදාළව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *