ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235ක් මෙරටට

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් ගුවන් යානය අද (16) දිවයිනට පැමිණ තිබේ.

පුද්ගලයින් 235 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 455 දරන ගුවන් යානය ජපානයේ සිට අද (16) උදෑසන 3.40ට පමණ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත. මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු විශබීජ හරණයට ලක්කරනු ලැබුණු අතර ඔවුන්ට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බැලීමක් ද සිදු කෙරුණි .

අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මගින් මෙම පිරිස නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *