සමඟි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි දෙසතිය ඇතුළත

සමඟි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ අනුව සමඟි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වෙනස මේ රටේ ජනතාව වෙත පෙන්නුම් කෙරෙන බවත් මෙම ලියවිල්ලට අදාළ මුලික අදියරේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටි.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි බහුතරයක් සමඟි ජනබලවේගයට සහාය ලබා දීමට සම්බන්ධවී සිටින බව පවසන ඒ මහතා ජ්‍යෙෂ්ඨයන්ගේ තීරණයවි ඇත්තේ මෙම පක්ෂ දෙක අතර වෙනස ජනතාවට පෙන්වාදිය යුතුව ඇති බවයි. ඒ අනුව මෙම පක්ෂ දෙක අතර වෙනස පෙන්වීමට අදාළව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි සති දෙක ඇතුළත දී ප්‍රකාශයට පත්කිරීමට සමඟි ජනබලවේගය පක්ෂය තීරණය කර ඇති බවත් ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *