ඩොලර් අර්බුදය විසඳීමට අයවැය අසමත්: එරාන්

2022 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ හැකි ඩොලර් අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට අයවැයෙන් අපොහොසත් වී ඇති බව SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඩොලරය අර්බුදය ඉන්ධන, ඖෂධ වැනි ආනයනයට දැඩි බලපෑමක් එල්ල කරන බරපතල ප්‍රශ්නයක් බවත්, ඊට විසඳුම් ලබාදීමට අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත්ය.

විදේශ ණය ලබා ගැනීම, අපනයන ප්‍රවර්ධනය සහ සෘජු විදේශ ආයෝජන මගින් ඩොලර් අර්බුදයට විසඳුම් ලබාදිය හැකි බව මන්ත්‍රීවරයා පැවසීය.

“ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටී ඇති නිසා රජයට විදේශ ණය ලබා ගැනීමට හැකියාවක් නැහැ. අනෙක් විකල්පය අපනයන ප්‍රවර්ධනයයි. රජය විසින් තාක්‍ෂණය ලබාදිය යුතු අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අපනයන ප්‍රවර්ධනය සඳහා විදේශ වෙළෙඳපොළ අවස්ථා සොයා දිය යුතුයි. ඒ සඳහා අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කර නැහැ.

තුන්වන විකල්පය වන්නේ සෘජු විදේශ ආයෝජන (FDI) ලබා ගැනීමයි. “එෆ්ඩීඅයි දිරිගැන්වීමේ බාධා ඉවත් කළ යුතුයි. අයවැයෙන් ඒ ගැන අවධානය යොමු කර නැහැ” යැයි පැවසූ ඔහු මෙම ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීමට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට අයවැයෙන් අපොහොසත් වීම කනගාටුවට කරුණක් බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *