අත්‍යාවශ්‍ය

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පෝලිම් සති දෙක තුනකින් නැතිවෙයි – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

ඉදිරි සති දෙක තුන ඇතුළත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඇති සියලුම පෝලිම් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමඟ පසුගිය 11 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අලගියවන්න මහතා, රටක්‌ වශයෙන් අද ජනතාවට වසංගතයට මුහුණදීමට සිදුව ඇත්තේ දැඩි අසීරුතාවකින් සහ අපහසුතාවයකින්. ඒ නිසා ඒ දුෂ්කරතාවලින් මිදෙන්නට මුදල් ඇමැතිතුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

“මුළු ලෝකයම ජීවන වියදම් ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි. ඒ සඳහා රජයක් ලෙස අපි උපරිමයෙන් කටයුතු කරනවා. මිනිසුන් පෝලිම්වල සිටීමේ ගැටලුව අපි දැනටමත් විසඳා ඇත. ඉදිරි සති දෙක තුන ඇතුළත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඇති සියලුම පෝලිම් ඉවත් කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන තිබෙනවා,” රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *