ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෘදයාබාධයක්ද? මාධ්‍ය වාර්තා ගැන ධවල මන්දිරය නොසතුටින්

ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෘදයාබාධයකට ගොදුරුවුණු බවත් අයහපත් සෞඛ්‍ය තත්තවයකින් පසුවන බවත් ඇමෙරිකන් මාධ්‍ය ඇතුළු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

පසුගිය 16 වැනිදා 73 හැවිරිදි ට්‍රම්ප් සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටි අතර එහිදී පපුවේ කැක්කුමක් ඇති බව ජනපති ට්‍රම්ප් ඔහුගේ වෛද්‍යවරයාට පැවැසූ බවත්, එය හෘදයාබාධයක් වීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරයා ට්‍රම්ප්වට පැහැදිලි කළ බවත් එම වාර්තා වල පළවූ නමුත් ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණයෙන් ට්‍රම්ප් අසමත් වූ බවටද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි. එවැන්නක් සිදු නොවුණු බවත්, වෛද්‍ය පරීක්ෂණයෙන් ට්‍රම්ප් සමත් වුණු බවත් ධවල මන්දිරය පවසා ඇත. ට්‍රම්ප්ට හෘදයාබාධයක් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු වෛද්‍ය පරීක්ෂණයට යොමුවී සිටියදී වන අතර මාධ්‍ය වාර්තා නිසා ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා මහත් සේ බියටත් කලබලයටත් පත්වී ඇතැයිද වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් එම ව්‍යාජ පුවත වාර්තා කළ පුවත් නාළිකාවලට දොස් පවරා ඇතැයිද වාර්තා වන අතර ඇතැම් වාර්තා පසුව දක්වා තිබුනේ දෙවැනි වරටත් ජනපති පදවිය දැරීමට උනන්දුවෙන් පසුව ට්‍රම්ප් තම අවාසිසහගත සෞඛ්‍ය වාර්තා ජනතාවගෙන් සඟවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *