ඥාතීන් මාර්ගයෙන් මුදල් ගෙවා බන්ධනාගාර ගත රැඳවූවන්ට ආහාර ලබා දීමේ වැඩසටහනක්

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවූවන් හට අමුත්තන් පෙන්වීම තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

මේ හේතුවෙන් රැඳවියෙකු හට ඥාතීන් මාර්ගයෙන් මුදල් ගෙවා සතියකට රුපියල් දෙදහසක සීමාවකට යටත්ව අවශ්‍ය ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ආපන ශාලාව වෙතින් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් චන්දන ඒකනායක මහතා පැවසීය.

වෙසක් උත්සවය නිමිති කර ගනිමින් 26 හා 27 යන දෙදින තුළ පමණක් බන්ධනාගාර ගත රැඳවූවන් හට ආපන ශාලාව තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගත වෙමින් පිසින ලද බත් පාර්සලයක් හා කෙටි ආහාර හා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති අතර මේ සඳහා රුපියල් දෙදහසට අමතරව තවත් රුපියල් දහසක මුදලක් ආපන ශාලාව වෙත ගෙවීමට ඥාතීන් හට මෙම මස 19 වන දින සිට 25 වනදා දක්වා අවස්ථාව ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *