ජාතික අක්ෂි රෝහල තුළ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම- ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙයි

ජාතික අක්ෂි රෝහල තුළ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම- ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙයි

සායන රෝගීන් හට ප්‍රතිකාර, සේවාවන් හා උපදෙස් ලබා දීම සඳහා ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පිහිටා ඇත්තේ COVID – 19 වෛරසය ව්‍යාප්තිය අධි අවධානම් කලාපයක් තුලය. මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය නීති උපදෙස්වලට උපරිමව අනුගතවී ක්‍රියා කල යුතුය. පුද්ගල දුරස්ථතාවය ආරක්ෂා කර ගනිමින්, රෝහලේ බාහිර රෝගී පරිශ්‍රයතුළ රඳවා තබා ගත හැකි වන්නේ හදිසි අත්‍යවශ්‍යම සේවාවන් සඳහා පැමිණෙන ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් පමණි.

ජාතික අක්ෂි රෝහලට ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්කවල ජනතාව අක්ෂි ප්‍රතිකාර සඳහා පැමිණීම කොවිඩ් 19 නව වෛරස ව්‍යාප්තිය හමුවේ ඉතා අවධානම්කාරී වේ. නමුත් ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්කවල රජයේ අක්ෂි සායන පවත්වාගෙන යන නිසා අක්ෂි ප්‍රතිකාර ලබා ගැනීම සදහා ජාතික අක්ෂි රෝහලටම පැමිණීම අත්‍යවශ්‍ය නොවේ. ඉතා සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තුළ සියළුම දිස්ත්‍රික්කවල ජනතාව ඒකරාශී වීම සහ කොවිඩ් 19 රෝගීන්ද ගැවසෙන බැවින් ඔබද ඉතාමත් අවධානමකට පත්වේ. .

කොවිඩ් 19 නව වෛරසය ආසාධනය වී රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් මෙම ජනතාව අතර සිටින නිසා කාර්යමණ්ඩලය සහ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හට මෙම වෛරස ආසාධනය වීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතී. එම නිසා ඔබගේ අක්ෂි රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වීම ඉතා සුදුසු වේ.

සායන රෝගීන් හට ප්‍රතිකාර, සේවාවන් හා උපදෙස් ලබා දීම සඳහා ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත.

 

එම දුරකථන අංක, අදාල සායන දිනයන්හීදී පමණක් අමතා, ඔබ‌ගේ අත්‍යවශ්‍යම සේවාව සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය වේ.

 

මෙමගින් රෝගීන් රැඳී සිටීමේ කාලය අවම කරමින් රෝහල් පරිශ්‍රය තුල වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මූලික අරමුණ වේ.

 

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ නම

සායන දිනයන් සහ

සායන කාමරය

දුරකථන අංකය

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය

සඳුදා, බදාදා, සිකුරාදා

කාමර අංක 01

011 7 68 27 41

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

කාමර අංක 01

011 7 68 25 54

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය

සඳුදා, බදාදා, සිකුරාදා

කාමර අංක 02

011 7 68 25 58

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

කාමර අංක 02

011 7 89 83 01

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානී ගුණරත්න මහත්මිය

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

කාමර අංක 03

011 7 68 23 91

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස්.ගුණතිලක මහතා

සඳුදා, බදාදා, සිකුරාදා

කාමර අංක 03

011 7 68 25 49

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර්.දයාවංශ මහතා

සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා

කාමර අංක 14

011 7 68 25 34

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා

අඟහරුවාදා

කාමර අංක 14

011 7 68 25 64

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා

සිකුරාදා

කාමර අංක 14

011 7 68 26 57

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා

සඳුදා, බදාදා

රෙටිනල් සායනය

011 7 89 83 44

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා

අඟහරුවාදා, සිකුරාදා

රෙටිනල් සායනය

011 7 68 26 50

 

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා

බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

රෙටිනල් සායනය

011 7 68 20 94

Leave a Reply

Your email address will not be published. Required fields are marked *