ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

“එය ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇදහිය නොහැකි ගමනක්, 2010 වසරේ සිට එහි කොටස්කරුවෙකු වීමට ලැබීම මට ගෞරවයක්. මගේ සියලුම පුහුණුකරුවන්ට සහ කණ්ඩායමේ සගයන්ට ස්තූති කිරීමට මම කැමැත්තෙමි. මම සදාකාලිකවම කෘතඥ වෙනවා” ජීවන් මෙන්ඩිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

ආරංචි මාර්ගවලට අනුව ජීවන් මෙන්ඩිස් සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙමින් සිටී.

ජීවන් මෙන්ඩිස් අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2019 එක්දින ලෝක කුසලානයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *