ජාතික රණවිරු අනුස්මරණයට සමගාමීව හමුදා සෙසුනිලයින් 14,617කට උසස් වීම් පිරිනැමේ

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ජාතික රණවිරු අනුස්මරණයට සමගාමීව යුද හමුදාවේ සෙසු නිලයන් 14,617කගේ නිල උසස් කිරීම ලබන 19 (අඟහරුවාදා) වැනිදා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිවරයා‍‍ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතයි.

රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදුකරනු ලබයි.

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදා ඉතිහාසයේ එක් දිනයක් තුළ ලබාදුන් වැඩිම උසස්වීම් ප්‍රමාණය 2020 මැයි මස 18 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුහි සෙසුනිලයන් වෙත ලබාදී ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුණු 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210 ක් ඇතුළු තවත් සෙසුනිලයින් 7210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරනු ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *