ගලේවෙලදී කේරළ ගංජා කිලෝ 7ක් සමග අයෙක් අත්අඩංගුවට

ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 07ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය ‍නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදීයි.

ත්‍රී රෝද රථය පරීක්ෂා කළ අවස්ථාවේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම්160ක් පොලිස් භාරයට ගැණුනු අතර, පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක තොගයක් සොයාගෙන තිබේ.

අදාළ සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *