දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (16) උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *