ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කරන බව ඇමති කාංචන පවසයි.

2023 ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර බදාදා (21) පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදුලි ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්ය.

“මේ සම්බන්ධයෙන් බලතල සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය උපදෙස් ලබාදී තිබෙනවා. එමගින් අමාත්‍ය මණ්ඩලය සහ මම විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව අවශ්‍ය නීතිමය කටයුතු කරගෙන යනවා.”

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වාර්තාවක් 2023 ජනවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

“යෝජිත විදුලි බිල වැඩි කිරීම, එම වැඩිවීම ක්‍රියාත්මක කළ හැකි ආකාරය සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු ඇතුළත් වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව” ඔහු පැවසීය.

2023 ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේය.

නිර්දේශය ලබා දීමෙන් පසු, PUCSL නියාමකයාට ඉල්ලීම විශ්ලේෂණය කර එය අනුමත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *