සත්ව, මස් ප්‍රවාහනය තහනම ඉවතට…

ගවයින් සහ සත්ව ප්‍රවාහනය සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසුවේ දෙසැම්බර් 8 සහ 9 යන දෙදින තුළ ගවයන් කම්පනයට ලක්ව මියයාමට හේතුව ශීත කාලගුණය දැන් පහව ගොස් ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මෙම සතුන් මිය ගොස් ඇත්තේ කිසිදු වසංගත රෝගයකින් නොවන බවට රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *