Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජනරාල් හරිගුප්තා රෝහණදීර ජනාධිපති නීති අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ

ජනරාල් හරිගුප්තා රෝහණදීර ජනාධිපති නීති අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

සිවිල් අපරාධ නඩු සම්බන්ධ ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබදව දේශකයෙකු ලෙස ද ප‍්‍රකටය.

ඒ මහතා යුද්ධය පැවති කාලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙසත්, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, රණවිරු සේවා අධිකාරියේ දිර්ඝ කාලයක් නීති උපදේශකවරයා ලෙසත් සේවය කර තිබේ.

එමෙන්ම ජාතික මලල කී‍්‍රඩා කණ්ඩායම නියෝජනය කළ හරිගුප්තා රෝහණදීර මහතා ආනන්ද විද්‍යාලීය සහ කොළඹ විශ්වවිද්‍යාලීය කී‍්‍රඩා වර්ණලාභියෙක් වන අතර, රුසියාව, ස්ව්ස්ටර්ලන්තය, කොරියාව, බෙලාරුස් ඇතුළු රටවල් ගණනාවක අපරාධ යුක්තිය හා නීතිය පිළිබද වූ සමුළු සහ වැඩමුළු නියෝජනය කර ඇත. එතුමා දැනට අපරාධ යුක්තිය පිළිබද පාරිභාෂිත වචන ඇතුළත් ශබ්ද කෝෂයක් එළිදැකීම පිළිබද පර්යේෂණයක ද නියැලී සිටියි.

ඔහු පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබද විද්වතෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අභාවප‍්‍රාප්ත මැන්දිස් රෝහණදීර මහතාගේ පුත‍්‍රයෙකි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *