LK reports news sinhala

ජනපති එදා බෑ කිව්වාට දැන් හා කියලා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ කොමිසමේ සාමාජිකයින් ඉදිරි දිනකදී ජනාධිපති කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනිමට කටයුතු කරන බවයි.

එහෙත් සාක්ෂි ලබා ගැනිම සඳහා මෙතෙක් ජනාධිපතිවරයා විසින් දිනයක් ලබාදී නැති බවද ඔහු කිවේය. මීට පෙර අගමැති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති ඇතුළු මැති ඇමැතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරීහු රැසක් එම කාරක සභාව හමුවේ සාක්කි ලබාදුන්හ.

මීට පෙර ජනපතිවරයා කියා සිටියේ එම කාරක සභාව හමුවේ සාක්කි ලබානොදෙන බවත් එය නවතා දැමිය යුතු කටයුත්තක් බවත්ය.

(Image – Daily News)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *