Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

97 වතාවක් කීවත් නොසැලකූ ත්‍රස්ත ප්‍රහාරය

97 වතාවක් කීවත් නොසැලකූ ත්‍රස්ත ප්‍රහාරය

මුස්ලිම් අන්තවාදී නායක සහරාන්ගේ තව්හිද් ජමාත් නමැති සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන විස්තර කර ඔවුන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ජාතික බුද්ධි අංශය 2017 වර්ෂයේ සිට 2019 අප්‍රේල් මාසය දක්වා 97 වතාවක් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට අවවාදාත්මක දැනුම් දීම් කර ඇති නමුත් ඒ ගැන කිසිදු සැලකිල්ලක් යොමුකළේ නැති බව ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන ඊයේ (3) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

මුස්ලිම් අන්තවාදී කල්ලිය ළඟදීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව 2019 අප්‍රේල් 04 වැනිදා බුද්ධි අංශ ප්‍රධානී නිමල් ජයවර්ධන යැවූ ලියවිල්ලකින් ඉතා පැහැදිලිව දන්වා ඇති බවත් ඒ අනුව නිසි පියවර ගනු ලැබුවේ නම් 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ විශාල ජීවිත හා දේපොළ විනාශය වළක්වා ගත හැකිව තිබූ බවත් ඔහු අනාවරණය කළේය.

ජනාධිපති නීතිඥ ජයවර්ධන එසේ පැවසුවේ 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට නිසි පියවර නොගැනීම ගැන රජයට හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමිනි.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිල වශයෙන් ඔවුන්ට පැවරී තිබූ රාජකාරිය ඉටුකර නැති බවත් සහරාන්ගේ අන්තවාදී කල්ලියේ ක්‍රියාකාරකම් ගැන 2016 වර්ෂයේ සිටම බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්වී ඇති බවත් එහිදී ප්‍රකාශ විය. ඒ පිළිබඳ තොරතුරු විටින් විට ඒ නිලධාරින්ට දන්වා තිබෙන බවට සාක්ෂි මේ වන විටත් දිවුරුම් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙන අතර එනිසා ආරක්ෂක පියවර නොගැනීම ගැන ඒ දෙදෙනා ප්‍රධාන වශයෙන් වගකිව යුතු බවත් ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

“2019 අප්‍රේල් 21 වැනිදා පෙරවරු 8.00 පමණ මුලින්ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණාට පසුව වහාම ආරක්ෂක පියවර කිසිවක් ගෙන නැහැ. වාසනාවට තවත් ප්‍රහාර එල්ල වූයේ නැහැ. හදිසි නීතිය යටතේ ඇඳිරි නීතිය පැනවූවා හැර වෙන කිසිදු පියවරක් ගත්තේ නැහැ. 2016 වර්ෂයේ සිට මේ ත්‍රස්ත සංවිධානයේ තොරතුරු ලැබුණත් කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන සිටි අයත් නඩුවක් නැතිව නිදහස් කර හැරලා” යැයි ද ඔහු වැඩිදුරටත් සාක්කි ලබාදෙමින් කියා සිටියේය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *