ජගත් වික්‍රමසිංහ

ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඒ මහතා බ‍්‍රහස්පතින්දා (13) දිනයේදී වැඩ බාරගැනීමට නියමිතය අතර මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු සදහන් කර සිටියේ කලාවේ විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කළ දැවැන්තයන් බිහිකළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවය. එමෙන්ම ගුවන් විදුලියේ අභිමානය සුරැකෙන අකාරයෙන් තමන් කටයුතු කරන බවද ඔහු කීය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය මස 30 වැනිදා වැඩ බාරගත් රෝහණ දේව පෙරේරා මහතා මේ මස 5 වැනිදා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *