චීනයේ සිටින සිසුන්ට ලංකාවට ඒමට 50% වට්ටමක්, තොරතුරු විමසීමට විශේෂ දුරකතන අංකයක්

චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.

බෙයිජිං සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වලින් ශ්‍රී ලන්කන් ගුවන් යානා ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිත අතර එහිදී චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් සියයට 50 ක මිල අඩු කිරීමක් යටතේ මෙම සිසුන්ට මෙරටට පැමිණීමේ අවස්ථාව උදා කර දී තිබේ.

මෙම රෝගී තත්ත්වය වාර්තා වන ප්‍රදේශ වල සිටින සිසුන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරීය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය චීන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එම අවසරය ලද වහාම චීනය බලා පිටත්ව යෑමට ශ්‍රී ලන්කන් ගුවන් යානා සූදානම් කර ඇති බවත් මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.ට ව්‍යාප්ත වී තිබේ.

මේ අතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බෙයිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව 0086-10-65321861 හෝ 0086-10-65321862 යන දුරකථන අංක හරහා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධවිය හැකි බව විදේශ අමාත්‍යංශ සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *