චීනයෙන් කොවිඩ් මර්දනයට ලැබුණු මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි – රුවන් විජයවර්ධන

කොවිඩ් වසංගතය මර්දනය කිරීමට චීනයෙන් මෙරටට ලැබුණු මුදල්වලට සිදු වූයේ කුමක්දැයි ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා පවසා සිටින්නේ මාර්තු මාසයේදී චීනයෙන් ඩොලර් බිලියන 500ක්ද ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 90ක්ද මෙරටට ලැබුණු බවත්, එම මුදල්වලට සුනාමි ආධාර මුදල්වලට සිදු වූ දේ වූවා දැයි නොදන්නා බවත්ය. සූම් තාක්ෂණය හරහා මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ඊයේ (03) මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ කොවිඩ් 19 පාලනය කිරීමට අසමත් වූ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වහාම සිය ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට වැඩක් කළ හැකි සුදුසු අයකු සෞඛ්‍ය ඇමැති ලෙස පත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *