සජිත්

චම්පික-මනෝ සහ හකීම් සජිත්ගේ හදවතට

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන නව සන්ධානය සමග අත්වැල් බැඳගන්නා බව ජාතික හෙළ උරුමය, දමිළ ප‍්‍රගතශීලි සන්ධානය සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

එම පක්‍ෂවල නායකයින් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

එළඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහිකිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඉකුත් දා අනුමැතිය ලබා දුන්නා.

එලෙස පිහිටුවන නව සන්ධානයේ නායකත්වය, සන්ධාන මහලේකම් පත් කිරීම, අගමැති අපේක්ෂකත්වය මෙන්ම නාමයෝජනා කමිටුවේ ප‍්‍රධානත්වය ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට පැවරීමටයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ.

එම කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කර සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන පුළුල් ජනතා සන්ධානයට සිය පක්ෂ ද එක්ව ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහිකිරීමේ මෙහෙවරට දායක වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *