ආහාර රසායනාගාරයක් කටුබැද්දේදී අද විවෘත වෙයි

ආහාර නිෂ්පාදනයන්හි සුරක්‍ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට අවශ්‍ය ආහාර රසායනාගාරයක් (Food Laboratory) කටුබැද්ද කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී අද (13දා) විවෘත වේ.

කාර්මික සංවර්ධන මණ්ඩලයට වසර 50ක් සපිරීමට සමගාමීව සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ගේ ආහාර නිෂ්පාදන පරීක්‍ෂා කර ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබාදීම මෙහි අරමුණයි.

ඒ අනුව මෙම රසායනාගාරය මගින් ආහාර නිෂ්පාදන පරීක්‍ෂාව, නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දිනය පරීක්‍ෂාව, ලේබල් සඳහා පෝෂණ අන්තර්ගතය පරීක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව තීරණය කිරීම, ආහාර විෂ මෙන්ම පළිබෝධනාශක අපද්‍රව්‍ය පරීක්‍ෂාව වැනි සේවාවන් සැපයීමට නියමිතය. අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෙම රසායනාගාරය විවෘත කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *