LK reports news sinhala

ගෞරවනීයව විජයග්‍රහණය සමරන්නැයි ගෝඨා ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථිර බැවින් එම විජයග්‍රහණය ගෞරවනීය ලෙස භුක්ති විඳින්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) තිස්සමහාරාමයේ පැවැති ජනහමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටීයේය.

මෙම ජනහමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ සිය මැතිවරණ ව්‍යාපාරය මෙතෙක් ආදර්ශවත් ලෙස සහ ගෞරවනීය ලෙස පවත්වා ගෙන ගිය බැවින්
ඉදිරියටත් අප බලාපොරොත්තු වන්නේ ගුණාත්මක සහ ඵලදායී රජයක් බිහි කිරීමට බවයි.

“මේ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරණ විජයග්‍රහණය ඉතාමත් ගෞරවනීය ලෙස අන් අයට කරදරයක් නොවන ආකාරයට භුක්ති විඳින ලෙසයි. අප මෙතෙක් අපට පැවරු සියලූම රාජකාරි කටයුතු ගෞරවනීය ලෙස ඉටුකර කරනු ලැබුවා. විරුද්ධ පාර්ශවය වසර ගණනාවක් මේ ආණ්ඩුව පවත්වා ගෙන ගියත් කිසියම් දෙයක් ජනතාවට කළ නොහැකිව බලය ඉල්ලන පිරිසක් බවට පත්වෙලා. ඒ නිසාම මෙතෙක් පවත්වා ගෙන ආආදර්ශවත් භාවය සහ ගෞරවනීයභාවය ඉදිරි රජයක් යටතේ පවත්වා ගෙන යා යුතුයි.“ යනුවෙන්ද ගෝඨාභය මහතා කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *