‘ජවිපෙ යළිත් රෝහණ විජේවීර ඝාතනය කරමින් සිටිනවා‘ – දුමින්ද නාගමුව කියයි

රණසිංහ ප්‍රේමදාස යුගය තුළ ඝාතනයට ලක්වු රෝහණ විජේවිර මහතා ජනතා විමුක්ති පෙරමුණ විසින් යළි ඝාතනය කරමින් සිටින බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. ඒ මහතා එසේ කියා සිටියේ පොළොන්නරුව හිඟුරක්ගොඩ නගරයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

“මේ මැතිවරණයේ විකල්පයක් වගේ පේනවා ජනතා විමුක්ති පෙරමුණ. මේ ඉල් මහේ රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කරපු දිනයට දවස් 3ක් තියාගෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියනවා අපිට 1 දීලා 2 සජිත්ට දෙන්න කියලා. එදා මීට අවුරුදු 30කට කලින් සජිත් ප්‍රේමදාසගේ තාත්තා රෝහණ විජේවීර ඝාතනය කළා. අද ජනතා විමුක්ති පෙරමුණ දෙවෙනි වතාවට විජේවීරව ඝාතනය කරනවා. අද මෙයාලා ගිහිල්ලා අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නවා.“

“තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ගොවි ජනතාව, රජයේ සේවකයා, පෞද්ගලික සේවකයා, ස්වයං රැකියාවක් කරන් ජීවත් වෙන කෙනා අදාළ නෑ. අද එයාලට අදාළ කුරුඳුවත්තේ ජීවත් වෙන මැද පන්තිය. මැද පන්තියේ හොරි කහන, කකුල් සම්භාහනය කරන, සුවච කීකරු ගෝලයෝ බවට පත්වෙලා ජනතා විමුක්ති පෙරමුණ.” යනුවෙන්ද දුමින්ද නාගමුව මහතා එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *