ගෝඨා ඡන්ද ලක්ෂ 72ක් ගන්නේ මෙහෙමයි (වීඩියෝ සහිතයි)

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 72ක් ලබාගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 72ක සීමාවක පවතින බව තම අදහස බවත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය දැනටමත් එක්කරගෙන අවසන් බවත්ය.

‘හිරු’ රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් සිය පුරෝකතනය ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු වීම සහ අමතරව ලැබෙන තවත් වාසි පිළිබඳව හිටපු ඇමතිවරයා පැහැදිලි කළ අතර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලක්‍ෂ 60ක ඡන්ද සීමාව ඉක්වන්නේ කෙසේදැයි මෙතෙක් නිවැරදි අදහසක් ඉදිරිපත්ව නැති බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *